Wednesday, May 20, 2015

කවදාවත් ඔයාගේ Boss ට නොපැවසිය යුතු දේවල් 5ක්

හරි ඔන්න එහෙනම් යාලුවනේ විශ්ම ලෝකය තුලින් ඔයාලට තවත් වැදගත් උපදෙස් ටිකක් දෙන්නයි යන්නේ.අද කියන්න යන දේ නම් ගොඩක් වැදගත් වන්නේ job කරන කොල්ලෝ කෙල්ලොන්ට තමයි.ඔයාලාගේ office එකේ අනිවාර්යයෙන්ම ඔයාලා report කරන්න ඕන boss කෙනෙක් ඉන්නවානේ.ඉතින් අන්න ඒ boss ට කවදාවත් කියන්න හොද නැති දේවල් 5ක් ගැන තමයි කියන්න යන්නේ.මේක අනිවා ඔයාලට ගොඩක් වැදගත් වෙයි.

මට අද ගොඩක් මහන්සියි sir
ඔයාට කොයි තරම් මහන්සි දැනුනත් කවදාවත් මේ වාක්‍ය නම් ඔයාගේ boss ඉදිරියේ කියන්න යන්න එපා.ඔබ මහන්සි වී වැඩ කරන්න boss ඉදිරියේ.එතකොට ඒ බව ඔහුට අමුතුවෙන් කීමට අවශ්‍ය වන්නේ නෑ.

Sir මට එහෙම දෙයක් කරන්න කියලා කිව්වේ නෑනේ
මෙහෙම හිතන්නකෝ.සමහරක් විට boss ඔබගෙන් office එකේ යම් වැඩක් ඉවර කරාද කියලා අහනවා.එත් ඇත්තටම boss ට ඔයාට ඒ වැඩේ කලින් කියන්න අමතක වෙලා තමයි තියෙන්නේ.මෙන්න මේ වගේ වෙලාවට කවදාවත් ඔයාගේ boss එක්ක argue කරන්න යන්න එපා.එකෙන් වෙන්නේ ඔයාගේ ප්‍රතිරූපයට හානියක් විතරයි.ඔයා මෙහෙම කියන්න
සමාවෙන්න sir , මන් ඒ ගැන දැනුවත් වෙලා හිටියේ නෑ.මන් ඒ වැඩේ හැකි ඉක්මනින් ඉවර කරලා දෙන්නම් - I'm sorry, I wasn't aware that.I had to do that

ඔබගේ රැකියා කාලසීමාව ගැන කියලා කවදාවත් promotion ඉල්ලන්න එපා
"sir,දැන් මන් මේ office එකට ඇවිල්ලා අවුරුදු දෙකක් වෙනවා.මට promotion ඕනේ". මෙන්න මේ දේ නම් කවදාවත් ඔයාගේ boss ට කියන්න යන්න එපා.මේකෙන් අදහස් වෙන්නේ නෑ boss ගෙන් promotion ඉල්ලන්නේ නැතුව ඉන්න කියලා.අනිවා promotion ඉල්ලන්න ඕනේ.ඉල්ලුවොත් නේ හම්බවෙන්නේ.හැබැයි ඉල්ලන්න ඕනේ හරි විදියට.ලස්සනට බොස් ට ඒ වෙලාවේ ම promotion එක දෙන්න හිතෙන විදියට මෙන්න මෙහෙම.
"Sir මම මේ office එක ඇතුලේ ඔබගේ අධීක්ෂණය යටතේ වැඩ කරපු මේ කාලසීමාව තුල ගොඩක් හොද පුහුණුවක් ලැබුවා මේ වැඩ කටයුතු ගැන.ඉතින් මන් කැමතියි sir මට මේ office එක ඇතුලේ තව වැඩි වගකීම් ප්‍රමාණයක් භාර දෙනවා නම්"
හිනා වෙන්න එපා යාලුවනේ.ඔයාට මේක විහිළුවක් වගේ පෙනුනට ඇත්තටම මේ වගේ දෙයක් උත්සහ කරලම බලන්නකෝ.

sir මන් අහවල් දවසේ පොඩි ගමනක් යනවා.මට නිවාඩුවක් ඕනේ
කවදාවත් නිවාඩුවක් ඉල්ලනකොට මෙහෙම ඉල්ලන්න එපා යාලුවනේ.අපි නිවාඩු ඉල්ලන්න ඕනේ බොහොම කපටි විදියට.කවදාවත් නිවාඩුව ගන්න හේතුව boss ට මුලින් කියන්න යන්න එපා.හේතුව පස්සේ කියන්න.මුලින් නිවාඩුවට අවසර අරන් ඉන්න.මෙන්න මෙහෙම අහලා බලන්නකෝ.ඔයාලට අනිවා නිවාඩුව ලැබෙනවා
"sir මට අහවල් දවසේ පොඩි නිවාඩුවක් ගන්න පුලුවන්ද ? sir එදාට මට නිවාඩුවක් ගන්න අවස්ථාවක් දුන්නොත් මට පුළුවන් වේවි මගේ අත්‍යවශ්‍ය ගමනක් යන්න."

මන් එයාට mail එකක් දැම්මා sir
කවදාවත් මෙන්න මේ වාක්‍ය ඔයාගේ boss ට කියන්න යන්න එපා.අනිවාර්යයෙන්ම එවිට ඔහු හිතාවි ඔබ වගකීම් වලින් පැනලා යන සේවකයෙක් කියලා.e -mail එකක් විතරක් දාලා නවතින්න එපා.අදාල පුද්ගලයට ඒ බව call එකක් දීලා ත් දැනුම් දෙන්න.හැම දේටම මෙහෙම කරන්න යන්න එපා.එහෙම උනොත් එක විහිලුවක් වෙනවා.එත් ඔයාගේ boss ගොඩක් අවධානය යොමු කරන වැදගත් වැඩ වලදී අනිවා මේ විදියට කරන්න.ඊට පස්සේ boss ඒ ගැන ඇහුවම මෙන්න මෙහෙම කියන්න.
"ඔව් sir මන් mail එකක් දැම්මා එයාට.කීප වතාවක් ව call කරලත් මතක් කරා.මන් ඒ වැඩේ ගැන හොද අවධානයකිනුයි ඉන්නේ."

හරි ඔන්න එහෙනම් වැඩේ ඉවරයි.මන් හිතනවා ඔයාලට මන් මේ පෙන්නලා දීපු පුංචි පුංචි කරුණු ටික ගොඩක් වැදගත් වේවි කියලා.මොකද පුංචි පුංචි දේවල් වලින් පුළුවන් ජිවිතේ ලොකු වෙනස් කමක් කර ගන්න.එක නිසා මේ දේවල් විහිලුවට වගේ oyage boss එක්ක උත්සාහ කරලා බලන්නකෝ.පුළුවන් නම් blog එකේ facebook page එකට like එකක් දාලා මේ ලිපිය තවත් කෙනෙක් ට බලන්න share පාරකුත් දාගෙනම යන්න හොද ඩලා ලා වගේ.ඔයාලට සුබ දවසක් !!!

Content.ad - Widget 4

Content.ad - Widget 6