Tuesday, May 19, 2015

ස්විස් බැංකුවේ මුදල් තැන්පත් කළ ලාංකිකයන් මෙන්න

2007 වසර වන විට ලාංකිකයින් 40 දෙනකු සතු ඩොලර් මිලියන 50ක් ස්විස් බැංකුවේ ගිණුම් තුල පැවැති බව ප‍්‍රංශයේ Le Monde පුවත්පත විසින් අනාවරණය කොට තිබේ. එම පුවත්පතේ එම අනාවරණය සිදුකොට තිබුනේ "Swiss Leaks" යන නමිනි. 
එම හෙළිදරව්වේ සඳහන් වන ගිණුම් හිමියන්ගේ නාම ලේඛනයක් බලන්න පහතින්.
එඩ්මන්ඩ් විජේනායක බාලසූරිය සහ බිරිද ඩොලර් එක්කෝටි හැට තුන් ලක්ෂ විසි පන්දහස් හත්සිය හතලිස් දෙකයි
ඔවුන්ගේ දියණිය ලක්ෂ්මී ප‍්‍රනාන්දු ඩොලර් දහ නව ලක්ෂ හැත්තෑ පන්දහස් පන්සිය අනූ හතරයි
ඔවුන්ගේ පුතුන් තිදෙනා ඩොලර් දහ නව ලක්ෂ හැත්තෑ පන් දහස් තුන්සිය දහ නවය බැගින් තැන්පත්කොට තිබේ. 
දේශමාන්‍ය ලලිත් කොතලාවල ස්විස් බැංකුවේ ගිණුමක් 1988 දී විවෘත කර 1997 දී වසා දමා ඇති අතර එදිනම කොතලාවල මහතාගේ එවක ප‍්‍රධාන සහයකයා වූ දයා රන්ජිත් සේනානායක නමින් අරඹා ඇත.
සුබ‍්‍රමනියම් සුරේන්දන් සහ බිරිද මොවුන් විසින් ගිණුම් දෙකක් පවත්වාගෙන යන අතර එහි වටිනාකම ඩොලර් එක්කෝටි 31 ලක්ෂ තිස් නවදහස් නවසිය හතරකි.
අනුර ලෙස්ලි පෙරේරා ඩොලර් දහසය ලක්ෂ අනූ දෙදහස් නවසිය පනස් නවයක්.


අරුණ රාජෙන්ද්‍රන් වස්වානි ඩොලර් දහතුන් ලක්ෂ අසූ හතරදහස් එකසිය හතලිස් නවයකි.


නිකිල් කිෂෝර් හයිඩ්‍රාමනී ඩොලර් අට ලක්ෂ දාහත්දහස් හාරසිය හතලිස් හයකි.


විනෝද් කිෂෝර් හයිඩ්‍රාමනී සහ ලීනා විනෝද් හයිඩ්‍රාමනී ඩොලර් හය ලක්ෂ හතලිස් හයදහස් දෙසිය හතලිස් හයකි.



මෙම ප‍්‍රධාන ගිණුම් 2007 වසර වන විට පැවැති තත්ත්වය වන අතර ඉන් අනතුරුව මහා පරිමාණ ගිණුම් ආරම්භවී ඇති බවට තොරතුරු හෙළිවී තිබේ.

Content.ad - Widget 4

Content.ad - Widget 6