අලංකාර මංගල උත්සවයක් ලෙසට හැඩගැන්වී තිබුණු මේ විවාහ උත්සවය කාගේත් අවධානය දිනා ගත්තේය. මෙම විවාහය සිද්ධ වුයේ ශැනොන් සහ සීමා යන දෙදෙනා අතරේයි.
ඔවුන් සැබවින්ම සුන්දර යුවතියන් දෙදෙනෙකි.
ශැනොන්ට සීමාව මුලින්ම හමු වී තිබෙන්නේ ශරීර සුවතා පන්තියකදී යි.
ශැනොන් එය මෙහෙයවමින් සිටියේය. ශැනොන්ට ඇය කෙරෙහි ආදරයක් ඇති වී තිබෙන්නේ ඇය දුටු මුල් දිනයේදීම යි. එදිනම ඇය තම මිතුරෙකුට පවසා තිබෙන්නේ ” මං අරයාව විවාහ කරගන්නවා ” කියලයි.
කෙසේ හෝ පටන් ගත්ත මේ සිදුවීම වසර 6කට පස්සේ විවාහයකින්ම කෙලවර විය.
මෙම පුවත වාර්තාවන්නේ ඇමරිකාවෙනි.
