Thursday, May 21, 2015

එන අවුරුද්දේ ඉඳලා ලෝක රූ රැජින බිකිණි අඳින්නේ නැහැලු

වසර 63 ක් තිස්සේ ලෝක රූ රැජින තරඟාවලියේ බොහෝ දෙනාගේ අවධානය යොමු වු අංගයක්ව තිබුණු බිකිනි තරඟ වටය ලබන වසරේ සිට නොපැවැත්වීමට සංවිධායකයින් තීරණය කර තිබෙනනවා.

පසුගියදා දකුණු අප්‍රිකාවේ සුරූපිනියට ජය ලබාදෙමින් ලෝක රූ රැජින තරඟය සාර්ථකව අවසන් උනා.

ඉන් අනතුරුව මාධ්‍යට අදහස් දක්වමින් ලෝක රූ රැජින තරඟයේ සභාපතිනිය ප්‍රකාශ කරේ මෙම තරඟ වටයෙන් කාන්තාවන් වෙනුවෙන් කිසිදු දෙයක් සිදු නොවන නිසා ඉදිරි වසරේ සිට මෙම වටය ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

ඇය වැඩිදුරත් සඳහන් කර ඇත්තේ �එම තරඟ වටයේදී අපි කිසිම විටක කෙනෙකුගේ නිතඹ හෝ පිටුපස පෙදෙස තව කෙනෙකුට වඩා අඟල් කීපයක් වැඩි දැයි බැලීමක් සිදු කරන්නේ නෑ. අපි එතැනදී බලන්නෙ ඇගේ කථිකත්වය පමණයි�.

මෙම තරඟ වටය 1951 දී අරඹනු ලැබුවේ ලෝක රූ රැජින තරඟය ඇරඹු වත්මන් සභාපතිනියගේ සැමියා විසිනුයි.


කාලයක පටන් බිකිනි තරඟ වටය රූපවාහිනී හෝ වෙනත් ආකාරයකට විකාශය කිරීම සිදු කරන්නේ නැහැ.

එසේම ලෝක රූ රැජින සංවිධායක කමිටුවේ සභාපතිනියගේ අදහස වන්නේ අනිකුත් රූප රාජිනී තරඟවලත් ඉදිරියේදී කාන්තාවකගේ ශරීරයට වඩා බුද්ධි මට්ටම හා පෞරුෂත්වයට වැඩි ඉඩ කඩක් දෙනු ඇති බවයි.

බොහෝ වෙලාවට ආසියානු රටවල් ආශ්‍රිතව බිකිනියකින් සැරසී සිටීම යනු කාන්තාවකට කිසිසේත් නොගැලපෙන නොහොබිනා ක්‍රියාවක් ලෙස සැළකෙනවා.

අපේ රටවල බොහෝ කාන්තාවන් මෙවැනි තරඟ සඳහා ඉදිරිපත් නොවීමටද මෙම බිකිනියකින් සැරසී සිටින තරඟ වටය හේතු වී යයි මතයක් පවතිනවා.

එසේම රූප රාජිනී තරඟවලදී බිකිනි වටය අවසන් කිරීමට හේතුව වශයෙන් සඳහන් වන්නේ කාන්තාවකගේ ලිංගික ආකර්ෂණයට වඩා සුන්දරත්වය, බුද්ධි මට්ටම, පෞරුෂත්වයට අවධානය යොමු විය යුතු වීමයි.
Blogger Widgets Blogger Widgets

ඇල්ලේ ගොස් නිදැල්ලේ ඉන්න

නිවාඩු කාලය අවසන් වුවත් තවමත් ගෙවෙන්නේ උත්සව සමයයි. නෑදෑ හිතමිත්‍රාදීන් සමග විනෝද වූ ඔබට විවේකය තවත් සුන්දර ආකාරයෙන් ගත කිරීම සඳහා යා හැකි සුදුසු ම ස්ථානයක් ලෙස Ella Jungle Resort පෙන්වා දිය හැකි ය. එහි දී ඔබට අරුත්බර විවේක කාලයක් ගත කිරීමේ හැකියාව මෙන්ම සුවිශේෂි අත්දැකීම් රාශියකට මුහුණදීමේ අවකාශය උදාවෙයි.

ඌව පළාතේ බදුල්ල දිස්ත්‍රික්කයයට අයත් මෙම හෝටලය කොළඹ සිට කිලෝමීටර් 210 ක් දුරින් පිහිටා තිබේ. බණ්ඩාරවෙළ නගරයේ සිට විනාඩි 30 ක වැනි ඉතා කෙටි කාලයකින් මෙම හෝටලය වෙත ගමන් ගමන් කළ හැකි ය. 

ඇල්ල ප්‍රදේශයේ සුන්දරත්වයෙන් ඉහළ පරිසරයකට ආවෘත්ත ව සුවිශේෂි ස්ථානයක Ella Jungle Resort පිහිටා ඇති අතර මෙහි පැමිණෙන බොහෝ සංචාරකයෝ මෙහි ඇති වටපිටාව උපයෝගී කරගෙන භාවනා කිරීම සහ යෝගා කිරීමෙහි නිරත වෙති.

ඝණ වෘක්ෂවලින් ආවෘත වී ඇති හෙයින් දැඩි සිසිලසක් පරිසරය පුරාවට ඇති බැවින් එය ශරීරයට වෙසෙසින් දැනෙයි. ඒකාකාරී ව ජීවත්වන ඕනෑම කෙනෙකුට මෙම හෝටලයට යාමෙන් බොහෝ විනෝද වී ඒකාකාරී බවින් මිදීමේ හැකියාව උදා වෙයි.

මනහර පරිසරයක් සහිත මෙම හෝටලය ආසන්නයේ අති සුන්දර දිය ඇල්ලක් පිහිටා තිබේ. පරිසර හිතකාමි හෝටලයක්වන Ella Jungle Resort සියළු සහසුකම්වලින් යුක්ත වේ. එසේ ම නිස්කලංක නිදහස් පරිසරයක මෙය පිහිටා තිබේ.

කඳවුරු බැඳ දිවි ගෙවීම සඳහා අගනා පරිසරයක් ලෙස මෙම Ella Jungle Resort හැඳිවිය හැකි ය. ගල් පර්වත තරණය කිරීම, පරිසර සුන්දරත්වය විඳිමන් ඇවිදගෙන යාම, ඔරු පැදීම ආදි බොහෝ ක්‍රියාකාරකම් රැසක් අත්විඳීමට මෙහි යන සංචාරකයින්ට හැකි වෙයි. 

පරිසර හිතකාමීත්වය ප්‍රමුඛත්වය ලබා දෙමින් නිර්මාණය කළ ලැගුම් ගැනීමේ ස්ථාන 12 ක් පවතී. සියළු නවාතැන් ගන්නා ස්ථාන නිර්මාණය කර ඇතිතේ ස්වභාදහමට අනුවර්තනයවන ආකාරයටවීම විශේෂතවයකි. 

සංචාරකයින් 50 දෙනෙකුට පමණ එකවර මෙම හෝටලයේ නවතැන් ගැනීමේ හැකියාව පවතී. විවිධ වර්ගයේ ආහාර වර්ග මෙන්ම හුරු පුරුදු ආහාර වර්ග ද ඇණවුම් කර ලබාගත හැකි ය. ශ්‍රී ලංකාවට ආවේණික ආහාර වර්ග මෙන්ම එළවළු පමණක් ආහාරයට ගනු ලබන සංචාරකයින් කෙරෙහි ද අවධානය යොමු කරමින් ඔවුන්ට අවශ්‍ය සියළු ආහාර වර්ග සකස් කරදීමට මෙහි සේවක මණ්ඩලය කටයතු කරයි.



පිරිසිදු වාතාශ්‍රය, විනෝද ජනක ගමන් සඳහා සහභාගීවීමේ සුවිශේෂී අවස්ථාව මෙහි පැමැණෙන සංචාරකයින්ට උදාවෙයි. කඳු මත බයිසිකල් පැදීම, වෙල් යායවල ඇවිදීම වැනි සොඳුරු අත්දැකීම්වලට මුහුණදීම, මී පැණි ආහාරයට ගැනීමට ආදි බොහෝ ආගන්තුක දෑ ද අත්විඳීමේ හැකියාව මෙහි යන සංචාරකයින්ට ලැබෙන අගනා අවස්ථා ය

ප්‍රසිද්ධියේ නිරුවත් වන විදි බිය නැති ළදුන්

දෙනෝදාහක් ඉදිරිපිට යොවුන් තරුණියක් නිරුවත් වී සිටිනු දුටුවහොත් ඔබට කුමක් සිතෙනු ඇති ද? අනිවාර්යෙන්ම ඔබේ සිතට නැගෙනු ඇත්තේ ඇය පිළිබඳ අයහපත් ආකල්පයක්. නමුත්, පොදු ජනතාවගේ යහපත වෙනුවෙන් තම නිරුවත ප්‍රදර්ශණය කරන තරුණියක් ගැන රුසියාවෙන් වාර්තා වනවා.

ඇය ලියානා ක්ලෙව්ට්සෝවා (Liana Klevtsova) නම් වූ රුසියානු යොවුන් රූමතියක්. තවමත් වයස අවුරුදු 19ක් වන ඇය, ඡායාරූපකරණය සහ නිරූපණ කලාව හදාරන ශිෂ්‍යාවක්. එමෙන්ම ඇය ඉතා දක්ෂ කලාත්මක නිරූපණ ශිල්පිනියක්. විවිධ වූ තේමාවන් ඔස්සේ ඇය තම නිරූපණ ශිල්පය යොදාගන්නවා.


නමුත් ඇය ලොව පුරා කතාබහට ලක් වූයේ ඇගේ නිරුවත් නිරූපණයත් සමඟයි. ලියානා නිරුවත්ව පෙනී සිටින ඡායාරූප, එක් අන්තර්ජාල සෙවුමකින් පවා සොයාගත හැකියි. නමුත් ඇය මෙම ඡායාරූප වලට පෙනී සිටින්නේ රුසියානු නායක පුටින්ගේ පාලනය යටතේ, පොදු ජනතාවට මුහුණ දීමට සිදු වී තිබෙන අධික ජීවන වියදමට විරෝධය පල කිරීමේ ව්‍යාපාරයක අංගයක් ලෙස යි.

රජයේ ක්‍රියාකලාපයන්ට විරෝධය පලකරන කණ්ඩායමක් වන Golaya Pravda (නිරුවත් සත්‍යය) සමඟ එක්ව කටයුතු කරන ලියානා, තම නිරුවත් නිරූපනයන් සිදු කරන්නේ චිත්‍රාගාරයන් තුළ දී නොව, හිම මිදෙන, අධික ශීතලෙන් යුතු එලිමහනේ දීයි.

බොහෝ විට ඇය එයට යොදා ගන්නේ තම උපන් ප්‍රදේශය වන Irkutsk නගරයේ මංමාවත් හා පොදු ස්ථාන යි. ඇය පෙනී සිටි විරෝධතා ඡායාරූප පෙළේ නවතම අංගය වූයේ පසුගිය කම්කරු දිනයේ දී එළිදැක්වූ ඡායාරූපය යි. තම රැකියාවන්ට සරිලන වැටුපක් ලැබුනහොත්, හැමෝටම ආත්මාභිමානයෙන් යුතුව ජීවත් විය හැකි බව යි එයින් ප්‍රකාශ කිරීමට උත්සහ ගෙන ඇත්තේ.

ඔව් මම යාළුයි තමයි මිනිස්සු එක්ක යනවා තමයි...තමුසේ ගමේ ඉන්න එකක්යැ...!!

"මං ආසයි මට ගෙදර යන්න තියනවා නම්.ඒත් ඉතින් කොහොම කියලා ගෙදර යන්නද? දඬුවම නියම කරලා තියෙන්නේ එල්ලලා මරන්නනේ.."
ඔහු පවසන්නේ ශෝකි හඩිණි...මහතුන්ගේ වයස අවුරුදු හැටහතටත් වඩා වැඩියි..මැදිවියේදී කළ මිනිමැරුමක් නිසා කල්දේරම් බත් කන්නට වීම පිළිබඳව ඔහුට ඇත්තේ පසුතැවිල්ලකි..

"හැමෝම මට ඒ කාලේ කිව්වා ඔය කසාදේ කරගන්න එපා අමාරුවේ වැටිලා දුක්විදින්න වෙයි කියලා..ඒත් මම ඇහුවේ නැහැ..කසාදේ තමයි මට මගේ ජීවිතේ නැති කෙරුවේ.."
මහතුන් එසේ පැවසුවේ සුසුමක් හෙළමින්ය..

මහතුන් එවකට රාජ්‍ය ආයතනයක සුළු සේවකයකු ලෙස කටයුතු කළේය.. ඒ වන විට ඔහුගේ වයස විසිහතරක් පමණ වන්නට ඇත.ඔහු බොහෝ විට යහළුවන්ගේ නිවෙස්වලට ගියේ ඔවුන්ගේ නිවෙස්වල විදුලිය සම්බන්ධ වැඩකර දීමටය..මහතුන්ට පද්මා හමුවුයේ ඒ ගිය ගමනකදීය..

"මම පද්මලාගේ ගෙදර වයරින් වැඩක් කෙරුවා .පද්මා හරි හැඩකාරයි..නමුත් ගමේ මිනිස්සු කැමති වුනේ නැහැ.... මම පද්මට ආලවන්තකම් පානවට...අඩුම තරමේ පද්මලාගේ තාත්තලාවත් කැමති වුනේ නැහැ මම එයාව කසාද බදිනවට..."

ඇයි එහෙම අකමැති වුනේ.. "පද්මා ඇහැට කනට පේන හැඩකාර කෙල්ලක් වුනාට එයාගේ චරිතය ඒ තරම් හොඳ නැහැලු. ඒත් මං ගමේ අය කියපු දේවල් විශ්වාස කළේ නැහැ..ඒ වෙනකොට පද්මට මංගල යෝජනා කිහිපයක්ම ඇවිත් තිබුණා.. මනමාලයෝ කීප දෙනෙක්ම ඇවිත් බලලා ගිහින් තිබුණා..නමුත් ඒ එකක්වත් හරිගියේ නැත්තේ ගමේ අය පද්මා ගැන කියලා ඒ අයට ලියුම් කරදහි යවලා තිබුණ නිසා...

ඔය අතරේ තමයි මම පද්මා එක්ක යාළු වුණේ..අඩුම තරමේ අපේ ගෙදරින් වත් පද්මට කැමති වුනේ නැහැ..හැමෝම කිව්වේ ඔච්චර ලස්සන ගැහැණියක් උඹට පරිස්සම් කරන්න බෑ කියල.ඒත් ඉතිං ඒ වෙනකොට මම පද්මට වහ වැටිලා හිටියේ.ඒ නිසා කවුරු මොනවා කිව්වත් පද්මා ගැන මගේ හිතේ තිබුණ අදහස වෙනස් කරන්න කාටවත් බැරිවුනා..මම පද්මව කසාද බැන්දා...

කසාද බැදලා ගෙනිච්ච මුල් දවසේ තමයි මට තේරුණේ ගමේ මිනිස්සු කියපු කතාව ඇත්ත බව..පද්මා මගේ කකුල් දෙක ළඟ වැටිලා හැඬුවා.මම පද්මට සමාව දුන්නා.ආය කිසිම දවසක වරදක් කරන්න එපා කියලා... මම පද්මගේ ගමේම නතර වුණා..ඒකට අපේ ගෙවල් වලින් කැමති වුනේ නැහැ..

ගමේ අය කියපු තරම්ම පද්මා නරක නෑ කියලා මට සතියක් දෙකක් යනවිට තේරුණා...ඒ නිසා මටම එයාව දාලා ගමෙන් පිටවෙලා යන්න එතරම් බයක් තිබුණෙත් නැහැ..මම සති කිහිපයකට පස්සේ ගමෙන් පිට රස්සාවකට ගියා..ඒ වෙනකොට මම රජයේ රස්සාවට සමුදීලා හිටියේ...පද්මා බලන්න මම සතියකට දෙකකට වතාවක් ගමට ආවා.. ඒ ආවමවත් එයාගේ කිසිම වෙනසක් තිබුණේ නැහැ..

පද්මගේ තාත්ත අපිට දීපු ඉඩම් කෑල්ලේ මම පුංචි ගෙයක් හැදුවා.ඒ ගෙයි එක කාමරයකුත් සාලයකුත් කුස්සියකුත් තිබුණා..පද්මා ගෙදර දොර වැඩවලට හරිම දක්ෂයි..අපි විවාහවෙලා අවුරුද්දක් විතර යද්දී අපට දරු පැටියෙක් ලැබුණා..ඊට අවුරුදු දෙකකට විතර පස්සේ තවත් දරුවෙක් ලැබුණා..ඒ ලැබුණේ දුවෙක්..දරුවෝ දෙන්නයි පද්මයි ගමේ ඉන්දැද්දී මම ගෙවල් වයරින් කරන්න ගියා..

ඒත් එක සති අන්තයක මම ගෙදර එද්දී ගමේ මනුස්සයෙක් මට කිව්වා..පරෙස්සමින් ගෙදර යන්න කියලා.. මම ඒ වෙලාවේ ඒ කියපු දේ ගැන හිතුවේ නැහැ....නමුත් ඒ කියපු දේ මගේ හිතේ තිබුණා.. මම සතියක් දෙකක් ගමේ නතර වුණා..මට පද්මගේ වෙනසක් දනෙන්න ගත්තා...

"ආයේමත් දරුවෙක්" පද්මා දවසක් හැන්දෑවක එහෙම කිව්වා... "කොහොමද එහෙම වුණේ"..... මම තනියම එහෙම හිතුවා..මං පද්මගෙන් මොකුත්ම අහන්න ගියේ නැහැ...ඒත් වෙනදා නැති දැඟලිල්ලක් මම පද්මාගෙන් දැක්කා.....පද්මා හැම වෙලාවකම බැලුවේ මාව මඟහරින්න..

"පුතේ උඹ මේ ගෙදරට නාවට කමක් නැහැ"...... පද්මගේ තාත්තා දවසක් මට එහෙම කිව්වා..මං ඒ ඇයි කියලා අහපුවම තමයි තාත්තා මට විස්තරේ කිව්වේ...ඒ වෙනකොටත් පද්මා ගමට ආව ගිය කිහිප දෙනෙකු සමඟම යාළු මිත්‍ර කම් පවත්වලා තියනවා,තාත්තා වගේම තවත් කිහිපදෙනක්ම මා සමඟ ඔය බව කිව්වා..මම හැන්දෑවක පද්මගෙන් ඒ ගැන ඇහුවා... පද්මා මගේ ඇඟට කඩාපැන්නා...

"ඔව් මම යාළුයි තමයි තමුසේ ගමේ ඉන්න එකක්යැ....මම මිනිස්සු එක්ක යනවා තමයි".....
පද්මා මගෙත් එක්ක හොදටම රණ්ඩු වුණා,මං පද්මගේ කොණ්ඩෙන් ඇදලා අරගෙන එයාගේ කම්මුලට පහර දෙක තුනක් දුන්නා..එයාඒ රෑ කළුවරේම පොලිසියට ගියා..මමත් ගියා.ඒත්පොලිස් පොතේ කිසිම පැමිණිල්ලක් ලියා ගත්තේ නැහැ..පොලිසියේ මහත්තුරු මට කිව්වේ..ලොක්කෝ ඔය ගෑනීව අතැරපන් උඹට ඔය ගෑනී නිසා හිරේ ලගින්නයි වෙන්නේ කියලා..ඒත් මම පද්මා එක්ක එක ගෙදර හිටියා.... ඒත් ඒ ගෑනී මට කළේ හතුරුකම්...

මගේ දරුවෝ දෙන්නා ගැන බලන්න ඕන නිසා මං හම්බකරලා ගෙනල්ලා දුන්නා....ඒත් ඒ ගෑනී කළේම හතුරුකම්... "මං උඹව මරණවා".... දවසක් අපි දෙන්නා රණ්ඩු වෙද්දී මගේ මුණටම කිව්වා...
මං හිතුවේ එයා නිකමට එහෙම කියනවා කියලා..ඒත් ඒක බොරුවට කියපු එකක් නෙමෙයි කියලා මට දැනුණේ පස්සේ...
"ඒකොහොමද?" පද්මගේ තාත්තා මට කිව්ව පුතේ උඹ මේ ගෑනිව අතහැරලා පලයං නිකම් අමාරුවේ වැටෙන්නේ නැතිව කියලා...
ඒත් මට මගේ දරුවෝ දාලා යන්න ලෝභ හිතුණා...ඒ ඔක්කෝටම වඩා කවුරු මොනව කිව්වත් මං පද්මට ඇත්තටම ආදරේ කළා...

නමුත් නිතර නිතර අපි අතරේ ආරවුල් ඇතිවුණා....මං කොච්චර මඟහැරලා හිටියත් පද්මා සමහර වෙලාවට මගෙත් එක්ක බලෙන්ම කතාවට ඇවිත් රණ්ඩු වුණා....එයා මං ගේන සල්ලි සතයක් නෑර එයාගේ අතට ගත්තා....දවසක් කවදාවත් නැති විදිහට මගේ ළඟට ආදරයෙන් තුරුළුවෙන්න ආව....
"අපි හැම දේම අමතක කරමු"

එයා මට තුරුළු වෙලා එහෙම කිව්වා.. ඊටත් ටික වෙලාවකට පස්සේ පද්මා මට කිරි එකක් හදාගෙන එන්න කියලා කුස්සියට ගියා..මම වාඩිවෙලා හිටපු තැනට කුස්සිය හොදට පේනවා..මම පද්මා කිරි හදන දිහා බලන් ඉන්න විටයි දුටුවේ,එයා කිරි එකට මොනවද දානවා.මම හීන්සිරුවේ පිටිපස්සෙන් ගිහින් බැලුවා පද්මා කිරි එකට වහ දාලා..පද්මා කිරි වීදුරුවත් අරගෙන මා ළඟට ආවා....

මම හංගගෙන තියාගන හිටපු කැත්තෙන් පද්මාට ගැහුවා..එක පාරක් නෙමෙයි දෙතුන් පාරක් ගැහුවා..පද්මාගේ කෑගැහිල්ලට දරුවෝ ඇහැරුණා...
"එපා තාත්තේ එපා"....... කියලා දුව කෑගැහුවා..මම කැත්තත් අරගෙනම ඒ රෑම පොලිසියට ගියා...සිදුවු සියල්ල විස්තර ඇතුව කිව්වා...ඒත් පොලිසියෙන් මා කිවු දේ පිළිගත්තේ නැහැ...
"ලොක්කෝ අපි උබට කිව්වනේ ඔය ගෑනී හරියන්නේ නෑ කියලා".....

පද්මාගේ තාත්තා පොලිසියේදී උසාවියේදී කිව්වේ මම පද්මා මැරුවා කියලා එයා විශ්වාස කරන්නේ නැහැ කියලා..
ඒත් දුව සාක්ෂි දුන්නා මම පද්මට කැත්තෙන් කොටනවා දැක්කා කියලා...මම හිර ගෙදරට නියම වුනා...දරුවෝ දෙන්නව පද්මාගේ තාත්තා බාරගත්තා...දැන් මගේ දරුවෝ ලොකු ඇති...ඒත් ඒ අය මාව බලන්න එන්නේ නැහැ...උන් හොදින් ඉන්නවා නම් මට ඒ හොදටම ඇති..මහතුන් පවසන්නේ සුසුමක් හෙලමිනි...

එල්ලුම් ගහ ක්‍රියාත්මක වේදැයි නොදන්නා මහතුන් ජීවිතයේ හෙට දවස කෙසේ විසදෙන්නේ දැයි බලා හිදින්නේ ය.

Wednesday, May 20, 2015

දෙන්නම එකතුවෙලා දෙන්නගෙම නිරුවත වීඩියෝ කරගෙන නිරුවත් වීඩියෝව උසාවියට

කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රධාන ලේකම් කාර්යාලයක ප්‍රවාහන වෛද්‍ය අංශයේ ලිපි කාරිනියකගේ හා ඇගේ හොර සැමියාගේ ජංගම දුරකතනවල තිබූ ඔවුන්ගේම නිරුවත් ඡායාරූප කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා අංශයට යොමුකර ඒ පිළිබඳ වහාම තාක්‍ෂණික වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි මතුගම අති‍රේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට නියෝග කළාය. පස්දුන්කෝරලයේ සිටින ප්‍රධාන

පෙළේ දේශපාලනඥයකුගේ සුරතලියක්ව සිටි අනුහසින් රැකියාවක් ලබාගත්තේ යයි කියන එම කාන්තාවගේ සහ ඇගේ අනියම් සැමියා යැයි කියන ලංගම රියැදුරකුගේ ජංගම දුරකතනවල අසැබි දසුන් පිළිබඳ මෙසේ වාර්තා කැඳවීමට නියෝග කළාය. විවාහක සැමියා විසින් අතහැර දමන ලද එම කාන්තාව මතුගම ප්‍රදේශයේ සිට රැකියාවට යන අතරතුර බස් රථ රියැදුරකු හා මිතුරුව අනියම් අඹු සැමියන් බවට පත්ව ඇත ඒ අතරතුර මෙම කාන්තාවගේ පහසට රැවටී බස් රථ රියැදුරු රුපියල් ලක්‍ෂ ගණනක මුදලක් අත මාරුවට කාන්තාවට ලබාදී ඇත. එම දෙදෙනා තම තමන්ගේ ජංගම දුරකතනවලින් එකිනෙකාගේ නිරුවතද ඡායාරූපද ගත කර තිබේ.

එහෙත් එම කාන්තාව තවත් තරුණයකුගේ සුරතලියක් බව දැනගත් බස් රථ රියැදුරු පෙම්වතා තමා දුන් මුදල් ඉල්ලා ඇයට කරදර කර ඇත. කාන්තාව මේ පිළිබඳ පොලිසියට පැමිණිලි කිරීමෙන් පසු දෙදෙනාගේ ලිංගික රූගත කිරීම් සොයන්නට කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයට පැවැරිණි. අවසානයේ එම කාර්යාංශයද මේ පිළිබඳ මතුගම මහෙස්ත්‍රාත් අධිකරණයේ පිහිට පැතුවේය. ජංගම දුරකතනවල ඇති එකිනෙකාට ප්‍රතිවිරුද්ධ ඔවුන්ගේ නිරුවත් ඡායාරූප පිළිබඳ තාක්‍ෂණික වාර්තා ලබා ගන්නට අධිකරණය කාන්තා කාර්යාංශයට නියම කළේය. කළුතර කොට්ඨාස භාර පොලිස් අධිකාරි රන්මල් කොඩිතුවක්කු මහතාගේ උපදෙස් අනුව කළුතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය මේ පිළිබඳ පරීක්‍ෂණ පවත්වයි.

අඟහිඟකම් නිසා දරු පැටියා බලාගන්න සැමියාගේ ඥාතියකුට දුන්නා

අඟහිඟකම් නිසා දරු පැටියා බලාගන්න සැමියාගේ ඥාතියකුට දුන්නා

නිරෝෂා විමලරත්න කියන කාන්තාව ගැන කියන්න දන්නවාද කියා යමෙක් ඇසුවොත්, අනේ එහෙම කෙනෙක් ගැන කියන්න දන්නේ නැහැනේ කියා එක්වරම ඔබ පිළිතුරු දෙනවා නොඅනුමානය.


නයි නළඟන කියන කෙනා ගැන දන්නවාද කියා ඇසුවොත් අපොයි ඔව් අර නාගෙයක් එක්ක ඩාන්ස් කරපු ලස්සන කෙල්ලනේ. එයා ගැන නම් දන්නවා යැයි පිළිතුරු දෙන බව නම් අප හොඳාකාරවම දන්නෙමු.


නයි නළඟන කියන නම පට බැඳී ඇත්තේ වෙන කාටවත් නොව නිරෝෂා විමලරත්

s

දරුවා සහ සැමියා පොලිසියේදී

නටය. එහෙත් ගොඩක් දෙනෙක් ඇය හඳුනන්නේ නිරෝෂා විමලරත්න කියන නමට වඩා නයි නළඟන කියන නමින්ය.


නයෙක් සමග කොළඹ රාත‍්‍රී සමාජ ශාලාවක නැටුම් ඉදිරිපත් කිරීම නිසා නයි නළඟන ලෙස ප‍්‍රසිද්ධියට පත්වු නිරෝෂා නාගයාද සම`ග කොල්ලූපිටිය පොලිසිය විසින් මීට වසර දෙකකට පමණ ඉහතදී අත්අඩංගුවට ගනු ලැබීය.


නාගයා නැතිව ජීවත්වීය නොහැකි බව පවසා නාගයා ලබාදෙන ලෙස ඉල්ලා ඇය අධිකරණය හමුවට ගිය අතර දෙහිවල සත්ව උද්‍යානයට භාර දී සිටි එම නාගයා අධිකරණ නියෝගයක් මත නැවත ඇයට භාරදී තිබිණි.


නාගයා හා ඇය අතර පවතින සම්බන්ධය ගැන නිරෝෂා කළ ඇතැම් ප‍්‍රකාශ එම කාලයේ මහත් ආන්දෝලනයකටද තුඩු දී තිබිණි.


නිරෝෂා විමලරත්න එහෙමත් නැත්නම් නයි නළඟන පසුගියදා නැවතත් කරළියට පැමිණියාය.


අවසන් වරට ඇය කරළියට පැමිණියේ නයි නළඟන දරුවෙක් ප‍්‍රසූත කිරීමෙන් පසුවය.


මාස 10ක් පමණ වයසැති පිරිමි දරුවා නයි නළඟන විසින් විකිණීමට උත්සාහ කරන බවට පොලිස් 119 හදිසි ඇමැතුම් අංශයට ලැබුණු තොරතුරක් ගැන සොයා බලන ලෙස යොමු කෙරුණේ කැකිරාව පොලිස් ස්ථානය වෙතය.


කැකිරාව පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජනක පුෂ්පකුමාර මහතා මේ සම්බන්ධව වහා සොයා බලන ලෙස උපදෙස් දුන්නේ කැකිරාව පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් සැරයන් දිලූපා (136) මහත්මියටය.


නයි නළඟන හා ඇයගේ සැමියා වන රුවන් ලක්මාල් (sdh24) නමැත්තා පොලිසියට කැඳවා මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ සටහන් කර ගැණිනි.


කොළඹ ප‍්‍රදේශයේ රැකියාවක් සොයා යෑමට නයි නළඟන තීරණය කර ඇයගේ සැමියාගේ කැමැත්ත ඇතිව සැමියාගේ සහෝදරියකගේ දියණියකට කොළඹ ගොස් එනතුරු දරුවා රැුක බලා ගැනීමට භාරදුන් බව ඇය (නයි නළඟන) ප‍්‍රකාශ කළාය.


සැමියාගෙන් ප‍්‍රශ්න කිරීමේදීද මේ කතාවම පොලිසියට පවසා ඇත.


නයි නළඟනගේ සැමියා කොළඹ පෞද්ගලික ආරක්‍ෂක සමාගමක ආරක්ෂක භටයෙක් ලෙස රැකියාව කරන අයෙකි.


නයි නළඟන හා නැන්දම්මා අතර තිබු විරිසකයක් නිසා දරුවා රැුක බලා ගැනීමට මෙම කාන්තාවට භාරදී ඇති අතර දරුවා විකිණීමට උත්සාහ ගෙන නොතිබූ බව පොලිස් පරීක්ෂණවලින් පෙනී ගියේය.


මෙය ප‍්‍රශ්නගත සිද්ධියක් බවට පත්වූ නිසා නයි නළඟනගේ මාස 10ක් පමණ වයසැති දරු පැටියා තවදුරටත් ඇයගේ භාරයේ තබාගැනීම ප‍්‍රතික්ෂේප කළ බැවින් නිරෝෂාගේ නැන්දනිය (සැමියාගේ මව) දරුවා බාර ගැනීමට පොලිසියේදී කැමැත්ත ප‍්‍රකාශ කළේ මෙතෙක් කල් පැවති නැන්දම්මා ලේලි විරසකය හමාර කරමිනි.


නිරෝෂා හා ඇයගේ සැමියා වන රුවන් ලක්මාල් යළිත් පසුගිය 6 වැනිදා කැකිරාව පොලිසියේ පෙනී සිටියේ ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ජනක පුෂ්පකුමාර මහතා කළ දැනුම්දීමක් අනුවය.


පොලිස් ස්ථානාධිපතිවරයා මෙවැනි දැනුම්දීමක් කර තිබුණේ දරුවා සම්බන්ධව ගන්නා ඉදිරි ක‍්‍රියාමාර්ග අඹු සැමි යුවළගෙන් නිශ්චිතව පැහැදිලි කර ගැනීමට අවශ්‍යව තිබූ බව පෙනී ගිය නිසාය.


එය පොලිස් ස්ථානාධිපතිවරයා ගත් ප‍්‍රශංසනීය පියවරක් බව මෙහිලා විශේෂයෙන්ම සඳහන් කළ යුතුව ඇත.


”සර් මගේ දරු පැටියට මගේ පණටත් වැඩිය ආදරෙයි. සැමියත් ඒවගේම තමා. අපි දරු පැටියා විකුණන්න හැදුවෙ නැහැ. සැමියා සිකියුරිටි ජොබ් එකක් කරන්නේ. අපි හරිම අමාරුවෙන් ජීවත් වෙන්නේ. ආර්ථික ප‍්‍රශ්න ගොඩාක් තියෙනවා. ඒ හින්දා මම කොළඹ රස්සාවකට යන්න තීරණය කළා. සැමියාගේ කැමැත්තද එයට ලැබුණා. නැන්දම්මා දරුවා බලාගන්න බැහැ කිව්ව නිසා තමා සැමියාගේ අක්කා කෙනෙකුගේ දුවට රැුකබලා ගන්න කියා දුන්නේ. එහෙම නැතිව අපේ සුරතල් දරු පැටියා විකුණන්න ගියේ නැහැ.


නිරෝෂා විමලරත්න හෙවත් නයි නළඟනගේ රෝස පැහැති දෙකොපුල් අතුරින් ගලා ගිය කඳුළු බිඳු අතරින් පොලිස් ස්ථානාධිපතිවරයා එක්ක කියාගෙන ගියාය.


සැමියාගේ පඩියෙන් විතරක් මටයි දරු පැටියාටයි ජීවත්වෙන්න අමාරු නිසයි මමත් රැකියාවක් කරන්න කොළඹ යන්න තීරණය කළේ යැයිද නයි නළඟන යළිත් වරක් කියා ඇත්තේ හිතේ තිබුණ දුකවැඩිකමට විය යුතු යැයි සිතමි.


නයි නළඟනගේ එකම අපේක්ෂාව, බලාපොරොත්තුව පොඩි එකාට කිසිම අඩුපාඩුවක් නොතබා හදා වඩාගෙන හොඳ අධ්‍යාපනයක් ලබාදීමටය.


කාලයක් නාගයන්ට ආදරය කළ ඔබ අද වනවිට මවක්. මවක් හැටියට වගකීම් සම්භාරය ඔබ සතුව තිබෙනවා. ඒ වගකීම් ඔබ නිරන්තරයෙන් සිතන්න ඕනෑ. ඒ වගකීම් නිසියාකාරව ඉටු කරන්නත් ඕනෑ. ඒ හින්දා ඇෙඟ් කොටාගෙන තියන නයි පච්චයක් මකා ගන්නවා නම් ගොඩක් හොඳයි. ඒ ඔබ දැන් මවක් නිසා යැයි ප‍්‍රධාන පොලිස් පරීක්ෂක ජනක පුෂ්පකුමාර මහතා නයි නළඟනට කීවේ වැඩි හොඳට මිස කිසිම අහිතකින් නම් නොවේ.


නයි නළඟන පොලිස් ස්ථානාධිපතිවරයාගේ ඒ අවවාද අනුශාසනා සාවදානව අසා සිටියාය.


නිරෝෂා හා ඇයගේ සැමියා කැකිරාව දිසා විනිසුරු බුද්ධිනී අබේසිංහ මහත්මිය හමුවට පැමිණවීමෙන් පසු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇපමත මුදා හරිනු ලැබුහයි පොලිසිය කියයි.


උතුරුමැද පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි විජේගුණවර්ධන සහ උතුරු මැද පළාත බාර නියෝජ්‍ය පොලිස්පති රංජිත් පද්මසිරි යන මහත්වරුන්ගේ අධීක්ෂණය හා උපදෙස් මත මෙම පරීක්ෂණ කටයුතු සිදුවිය.

වයින් ඔබේ ආයු කාලය වැඩි කරයි

අරක්කු බොන එක නම් ඒ තරම් හොද වැඩක් නෙවෙයි.අරක්කු හැම අතින්ම අපේ නිරෝගිබව ට තර්ජනයක්.එත් අලුත්ම සමික්ෂනයකින් හොයා ගෙන තියෙනවා වයින් වලින් ලැබෙන විශ්වාස කරන්නත් බැරි තරම් හරි අපුරු ප්‍රයෝජනයක් ගැන.

Catholic University of Campobasso විසින් සිදු කරන ලද සමීක්ෂණයකට අනුව හොයා ගෙන තියෙනවා වයින් බීමෙන් මිනිසුන්ගේ ආයු කාලය වැඩි වෙනවා කියලා .

හැබැයි කන සාක්කුවට වැටෙන්න ගහන අයගේ නම් ආයු කාලය මේ විදියට වැඩි වෙන්නේ නෑ.වයින් මද්‍යම ප්‍රමාණයක් ඒ කියන්නේ බොහොම සුළු ප්‍රමාණයක් බොන අයට තමයි මේ වාසිය ලැබෙන්නේ.Catholic University of Campobassoහි මේ සමීක්ෂණය මෙහෙයවන ලද Dr. Giovanni de Gaetano කියන විදියට නම් දිනකට පුංචි වයින් විදුරු 2ක් 4ක් අතර බොන අයගේ මරණ අවධානම අනිත් අයට වඩා 18% කින් අඩු වෙන බවයි.

Content.ad - Widget 4

Content.ad - Widget 6